රජයේ නව ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් දෙමළ ජාතික සංධානය වෙත පැවරී ඇති වගකීම්වලින් 90% ක් මේ වන විට ඉටු කොට අවසන් ව ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ මධ්යේම කාරක සභා කමිටු රැස්වීමකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය. වවුනියාව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී පසුගියදා මෙම රැස්වීම පැවැත්විණි.