ශ්‍රී ලංකාව විසින් හඳුන්වාදෙනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සාමය, සංහිඳියාව තහවුරු වූ නිදහස්, ප්රජාතන්ත්රවාදී රටක් බිහිකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
තායිලන්තයේ සිවු දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔ චා මහතා අතර බැංකොක් නුවර පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී ජනපතිවරයා මේ බව පැවැසීය.
බෞද්ධ රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සබඳතා සෑම අතින්ම ශක්තිමත් කරගත හැකි බව තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ඇති අතර, දෙරට අතර සංචාරක සබඳතා වැඩිදියුණු කරගැනීම පිළිබඳව ඉදිරියේදී වැඩපිළිවෙළ රැසක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.