නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම සඳහා එංගලන්තය හෝ වෙනත් බටහිර රටවල් බලපෑම් කර නොමැති බව බ්‍රිතාන්‍ය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයාර් මහතා පැවසිය.
ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරිම ලංකාවට අවශ්‍ය පරිදි සිදු කරන කටයුත්තක් බවත්, නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට බලපෑම් කිරිමට තම රටට අයිතියක් නොමැති බවඳ හෙතෙම පැවසීය.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින විදේශ කටයුතු හා පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා අද(16) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස් පළ කර සිටියේය.