අතිනවීන පහසුකම්වලින් යුතු නාරාහේන්පිට නව යුද හමුදා රෝහල් ගොඩනැගිලි සංකීර්ණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (05දා) විවෘත කෙරිණි.
සමරු ඵලකය නිරාවරණය කර රෝහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා අනතුරුව එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
යුද හමුදා රෝහල විවෘත කිරීම නිමිත්තෙන් නව මුද්දරයක් හා මුල්දින කවරයක් නිකුත් කිරීමද මෙහිදී සිදුවූ අතර, තැපැල් සේවා අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් එය ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
ඡායාරූප ජනපති මාධ්‍ය අංශය