එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නව මානව හිමිකම් මහකොමසාරිස් ලෙස ජෝර්දාන් රජ කුමරෙක් වන සෙයිඩ් අල්- හුසෙන් ඒකච්ඡන්දයෙන් පත්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බැංකි මූන් මහතා පසුගියදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරමින් නවනීදන් පිල්ලේ මහත්මියගෙන් හිස්වන තනතුර සඳහා සෙයිඩ් කුමරු නම් කළේය.ඒ අනුව මහා මණ්ඩලය විසින් ඒකච්ඡන්දයෙන් සෙයිඩ් කුමරු තනතුරට පත්කර තිබේ.