බැසිල් රාජපක්ෂ, ජී එල් පීරිස් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් නව පක්ෂයක් පිහිටුවීම පිළිබඳ සතුටු වන අතර, එයට සුබ පතන බව සමාජ සවිබල ගැන්වීමේ හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායන මහතා පැවසීය.
නමුත් මේ ආකාරයට පක්ෂයකින් වෙන්වී තවත් පක්ෂයක් පිහිටුවා ගැනීමේ ආදීනව තමා දන්නා බවත්, එම ආදීනව හොඳින්ම දන්නා මහින්ද රාජපක්ෂ මහතා මෙම පක්ෂයේ සාමාජිකත්වය කිසිවිටෙක නොගනීවි යැයිද අමාත්‍යවරයා කීය.
එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීකම රැකගැනීමට අවශ්‍ය බැවින් මෙම පක්ෂයේ සමාජිකත්වය නොගනීවී යැයිද අමාත්‍යවරයා පැවසුවේ අද (20දා) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය.