නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තවමත් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද (20දා) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විවිධ කණ්ඩායම් තිබෙන බැවින් දැනට සිදුකරන සාකච්ඡා පිළිබඳව වරින් වර ඔවුන් අදහස් දැක්වීම් සිදුකරන බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද වරින් වර අදහස් අදහස් දැක්වීම් සිදුකර තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
බොරැල්ල කොටා පාරේ පිහිටි එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, දැනට එක්ව සිටින ඇතැම් පාර්ශ්ව වෙනම පක්ෂයක් නිර්මාණය කළයුතුයැයි අදහස් දක්වා තිබෙන බවත්, එය සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ අදහස ලෙස සැලකිය නොහැකි බවත්ය.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකු බැවින් ඔහු පාක්ෂිකයන්ගේ සිතුම්පැතුම් නියෝජනය කරන බව කී ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේ, වෙනත් පක්ෂයක් නිර්මාණය කරගන්නැයි පාක්ෂිකයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බවත්, එවැනි පක්ෂයක් ඇතිවුවහොත් ජනතාවගේ ඉල්ලීම සලකා බලා තමාද එයට සම්බන්ධ වන බවත්ය.