නව නිර්මාණ කිරීමට උනන්දු වන සියලුදෙනා හට වත්මන් රජයේ සහය හිමිවන බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය. ඒ මහතා මෙම අදහස් පළ කළේ අද (04දා) විද්‍යාජෝති රේ විජයවර්ධනයන් නිර්මාණය කරන ලද සැහැල්ලු ගුවන් යානය නවීකරණය කිරීමෙන් අනතුරුවරත්මලාන ගුවන් හමුදා කෞතුකාරගාරයට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
විද්‍යාජෝති රේ විජයවර්ධනයන් මෙරටදී නිෂ්පාදනය කරනු ලබන පළමු ගුවන් යානය නව නිෂ්පාදනයන් සිදු කරන සියලු ශ්‍රී ලාංකිකයන් ආදර්ශයට ගතයුතු බවද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
නව නිර්මාණවලින් තොරව ජාතියට ඉදිරි ගමනක් නැතැයිද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. පාසල් දරුවන් ඇතුළුසියලු පුරවැසියන් රේ විජයවර්ධනයන් ලබාදුන් මහඟු ආදර්ශය ගුරුකර ගැනීම ඒ මහතාට සිදු කරන ගෞරවයක් බව සඳහන් කළේය.