රජයේ නිර්ණායකවලට අනුව ලන්ච් ෂීට් එකක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් දෙකයි ශත අනූවකට ආසන්න මුදලක් වැය වන බව සමස්ත ලංකා පොලිතින් නිෂ්පාදකයන්ගේ හා ප්‍රතිචක්‍රීකරණය කරන්නන්ගේ සංගමය සඳහන් කරයි.
කුඩාම වර්ගයේ ෂොපින් බෑගයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියලකට ආසන්න මුදලක් වැය වන බවත්, මෙතෙක් සිදුකළ නිෂ්පාදන ක්‍රියාවලියේදී ලන්ච් ෂීට් එකක් නිෂ්පාදනයට ශත 60කුත්, ෂොපින් බෑගයක් නිෂ්පාදනය සඳහා ශත 60ක මුදලකුත් වියදම්වූ බවද එම සංගමයේ ලේකම් අනුර හේරත් මහතා සඳහන් කළේය.
එහෙත් නව අමුද්‍රව්‍යවලින් භාණ්ඩ නිෂ්පාදනයට සැලකිය යුතු මුදලක් වැය වන නිසා ලන්ච්ෂීට් එකක මිල රුපියල් තුනයි පනහත්, හතරත් අතර මිලකට ඉහළ යා හැකි බවත්, කුඩාම ෂොපින් බෑගයක මිල රුපියල් එකයි පනහත්, දෙකත් අතර මුදලක් විය හැකි බවද හෙතෙම පවසා සිටියේය.
ජනවාරි පළමුවන දින සිට මිලදී ගතහැකිවන පරිදි එම නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කරන බවද ලේකම්වරයා සඳහන් කළේය.