නව නාවික හමුදාපති වශයෙන් රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා පත්කර ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. හිටපු නාවික හමුදාපති ටී. සින්නයියා මහතාගේ සේවා කාලය දිගු නොකිරීම හේතුවෙන් ඔහු මාස දෙකක් පමණ නාවික හමුදාපති වශයෙන් කටයුතු කර විශ්‍රාම ගත්තේය. රණසිංහ මහතා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන අතර ඔහු ශ්‍රී ලංකාවේ 21 වැනි නාවික හමුදාපති වශයෙන් වාර්තා අතරට එක්වෙනු ඇත.