කලා භවන සංකීර්ණයට පසුපසින් ඉදිකෙරෙන නව ජෝන්ද සිල්වා සමරු රඟහල පිළිබඳව සෙයා බැලීම සඳහා නාට්‍යවේදීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමුව තිබේ.
මෙම රඟහල ඉදිකිරීම පිළිබඳව කලාකරුවන් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සලකා බලා කමිටුවක් පත්කිරීමට අගමැතිවරයා තීරණය කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය දැක්වෙයි.
නව රඟහල ඉදිකිරීමට අධික මුදලක් ඇස්තමේන්තු කර ඇති බව පවසන අග්‍රාමාත්‍ය කාර්යාලය ඒ හරහා නාට්‍ය පෙන්වීමට අයකරන මුදල නාට්‍යකරුවන්ට දැරිය නොහැකි මට්ටමට ඉහළ යා හැකි බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
මෙම ප්‍රදේශයේ රංග ශාලා කිහිපයක් පවතින හෙයින් තවත් රඟහලක් ඉදිකිරීමෙන් කලාවට සේවයක් සිදු නොවන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.