නව ජන්ම පිටගැස්ම රෝගය තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමේ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට පිළිගැන්වූ බව අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් මහත්මිය අද (08දා) අමාත්‍යවරයාට එම සහතිකය පිළිගන්වා තිබේ.ගැබිනි මවිවරුන් ආරක්ෂිත හෝ සනීපාරක්ෂක ලෙස තම දරුවන් ප්‍රසූත නොකිරිමෙදී මෙම රෝගය අලුත උපදින දරුවන්ට වැළදෙයි.
නමුත් පසුගිය කාලයේ පුරාම ගැබිනි මවිවරුන්ට විධිමත් ලෙස එන්නත් ලබාදීම හරහා අලුත උපන් දරුවන්ට මෙම රෝගය වැළදී නොමැත.ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව ජන්ම පිටගැස්ම රෝගය තුරන් කළ රටක් ලෙස ශ්‍රි ලංකාව නම් කර ඇත.