ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ අමාත්‍ය මණ්ඩලය අද දිනයේදී ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දෙනු ඇතැයි 'අද' ට වාර්තා වේ. මෙම අමාත්‍ය මණ්ඩලය බොහෝ දුරට කැබිනට් අමාත්‍යවරු 30කුගෙන් පමණ සමන්විත වනු ඇති බවට ද වාර්තාවේ.
එමෙන්ම මෙම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙළ උරුමය නියෝජනය කළ මන්ත්‍රීවරුන්ගෙන් යුක්තවනු ඇත. එමෙන්ම ජනාධිපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය වූ මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, හා දිගම්බරම් කණ්ඩායම වෙනුවෙන් ද අවම වශයෙන් අමාත්‍ය ධුර එකක් හෝ හිමිවනු ඇති බවත් වාර්තාවේ. එහෙත් මෙම කැබිනට් මණ්ඩලයට පැමිණෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණට ආරාධනය කළ ද ඔවුන් අමාත්‍යධුර ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.