නව කම්කරු සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කරයි
කම්කරු නිලධාරී සේවා ව්‍යවස්ථාව පිළිබඳ කෙටුම්පත ඊයේ සවස ( 22දා) කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතාට නිල වශයෙන් භාර දුන් බව අමාත්‍යාංශය නිවේදනය කරයි.
දැනට අවසන් අදියරේ පවතින කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමේ මඩිහහේවා කමිටු වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳවද අවධානය යොමු කරමින් මෙම කම්කරු නිලධාරී සේවා ව්‍යවස්ථාව කඩිනමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
කම්කරු නිලධාරීන් සඳහා සේවා ව්‍යවස්ථාවක් කඩිනමින් සකස් කරන ලෙස ඉල්ලමින් කම්කරු නිලධාරීන් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වී සිටී. එම ඉල්ලීම අනුව කම්කරු සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා අතිරේක කම්කරු කොමසාරිස් ජනරාල් සී.එන්. විතානච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කරන ලදී. එම කම්ටුව පසුගිය දින කිහිපයේ රැස්වී දීර්ඝ ලෙස සාකච්ඡා කර නව කම්කරු නිලධාරී සේවා ව්‍යවස්ථාව සකස් කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

