රටට අවශ්‍ය කඩිනම් ආර්ථික කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළ ජාතික ආර්ථික සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබේ.
ජාතික ආර්ථික සභාව අද (20දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මෙම තීරණයට එළැඹිණි.
ආර්ථික කළමනාකරණයේදී රටට අවශ්‍ය කඩිනම් වෙනස්කම් සහ එහිදී ගතයුතු තීන්දු තීරණ මෙන්ම ක්‍රියාත්මක කළයුතු කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
රටේ ජාතික ආර්ථීකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපතිතුමා විසින් පසුගිය වසරේදී ජාතික ආර්ථීක සභාව පත්කරන ලද අතර, එය මෙවර රැස්වූයේ 08 වැනි වරට බවද ජනපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.