2014 වසරේදී ශ්‍රී ලංකා නැව් සංථාව විසින් වටිනාකමින් අඩු පැරණි නැව් දෙකක් විශාල වටිනාකමකට මිලදී ගෙන රජයට පාඩුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට පැමිණිලි කළේය. මෙම නැව් දෙක සඳහා ඩොලර් මිලියන 35ක් වැනි ඉහළ මිලක් ගෙවා තිබෙන බව පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඔහු පැවැසීය.