නයිජීරියා අගනුවර දැවැන්ත පිපිරීමකින් ජීවිත හානි රැසක්
නයිජීරියානු අගනගරය වන අබූජා හි විශාල වශයෙන් ජනතාව ගැවසෙන වෙළෙඳ ප්රදේශක සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 21 දෙනෙකුවත් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් පුවත් සේවා පවසයි.
අගනගයේ වූසේ ප්රදේශයේ මෙම පිපිරීම සිදුව ඇති අතර, එහි වඩාත් ප්රකට බානෙක්ස් ප්ලාසා වෙළෙඳ සංකීර්ණය තුළ මෙම දැවැන්ත පිපිරීම සිදුව ඇති බවත්, ඒ පිපිරුම් හඬ සැතපුම් ගණනක් දුරට විහිදී ගිය බවත් විදෙස් පුවත් සේවා පවසයි.
මෙම පිපිරීමට හේතුව තවම නිශ්චිතව හඳුනාගෙන නැතත් මෙහි ත්රස්ත ප්රහාරයක් පිළිබඳ ඉඟි පවතින බව පොලීසිය කියයි.
නයිජීරියාව තුළ ප්රචණ්ඩක්රියා වපුරමින් සිටින බොකෝ හරාම් ඉස්ලාමීය අන්තවාදීන් එරට උතුරුදිග ප්රදේශ රැසක් ඉලක්ක කරමින් මීට පෙර මෙවැනි ප්රහාර එල්ල කර තිබීමද මෙම සැකය වඩාත් ඉස්මතු කර ඇත.
පොලීසිය පෙන්වා දෙන පරිදි මූලික පරීක්ෂණවලින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 17 දෙනෙකු තුවාල ලබා ඇති බව කියැවෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

