නයිජර් ජනාධිපති මහමඩෝයූ ඉසෝෆුවා මහතා අද (17දා) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
ඔහු සමග දූත පිරිස 07 දෙනෙකු පැමිණ සිටි අතර , ඔවුන් ඉන්දුනීසියාවේ සිට නයිජර් වෙත යන අතරතුර යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.
මේ පිරිස නයිජර් රාජ්‍යයට අයත් බෝයිං - 737 වර්ගයේ විශේෂ ගුවන් යානයකින් අලුයම 3.20ට පමණ ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
පසුව ජනාධිපති ඇතුළු දූත පිරිස ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණි අතර, ඉන්පසුව මේ පිරිස ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම අලුයම 5.40 ට පමණ යළි නයිජර් බලා පිටත්ව ගියහ.