සෙවණගල ප්‍රදේශයේදී අත් පා බැඳි පුද්ගලයෙක් නයෙක් සමග ටැංකියකට දමා මැරීමේ තැතක් ව්‍යාර්ථ වී ඇත. කෙසේ නමුත් මේ හේතුවෙන් උක් ගොවියෙක් බව කියන පුද්ගලයාගේ සිරුරේ සිව් තැනක් නයා විසින් දෂ්ඨ කර ඇති බවද සඳහන් වෙයි.
නයා සමග ගොවියා ටැංකියට දැමූ පුද්ගලයින් දෙදෙනෙක් සොයා පොලීසිය පරික්ෂණ පවත්වයි. සිදුවිමෙන් පසුව සැකකරුවන් දෙදෙනා ගොවියාව ටැංකියෙන් ගෙන ඇති අතර ඔහු මැරුණ බවට සැක පළකර සැකකරුවන් දෙදෙනා ගියපසු ගොවියා රෝහල්ගත වී ඇතැයිද සඳහන් වෙයි.