නක්ල්ස් රක්ෂිතයේ දිය ඇල්ලක් බැලීමට ගොස් අතුරුදන්ව සිටි පුද්ගලයනි සිවු දෙනෙක් දින තුනකට පසුව අද (22දා) මීමුරේදී සිටින බවට තොරතුරු අනාවරණය වී තිබේ.
රංගල ඩක්වාරි වතු ප්රදේශයේ පුද්ගලයින් හතර දෙනෙකු පසුගිය 20දා පෙරවරුවේ සිට මෙසේ අතුරුදන්ව තිබුණි.
අද සවස 6,00 ට පමණ ඔවුන් මීමුරේ සිටින බවට තොරතුරු වාර්තා වීමෙන් පසුව පොලිස් නිළධාරින් මීමුරේ බලා පිටත්විය, මේ පිරිස සොයා රංගල පොලිස් නිලධාරි හා ප්රදේශවාසින් 20දා, 21ද හා අද ද,22 දිනයේදීත් මෙහෙයුම් කළේය.
තෙල්දෙණියේ ඒකනායක