නංගිගේ විහිලුවට අක්කාගේ දිවි අහිමිවෙයි
යාපනය නෙල්යඩි පුන්නාලෙයි ප්‍රදේශයේ 17 හැවිරිදි පාසල් සිසුවියක් සිය සොහොයුරියගේ විහිලුවක් හේතුවෙන් බිය වී ඊයේ (10 දා) රාත්‍රියේ ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි නෙල්යඩි පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත් රවී සන්ධ්‍යා නැමති පාසල් සිසුවියටක් වන අතර ඇයගේ පියා නොමැති අතර මව විදෙස්ගතව සිටින්නීය.
පාසල් සිසුවිය 09 දා පාසල් ගොස් නිවසට පැමිණ ඇගේ රන්මාලය ගලවා ඇඳ උඩ තබා දිය නෑමට ගොස් ඇත. පසුව ඇගෙ නැගණිය විහිලුවක් කිරීම සඳහා රන් මාලය වෙනත් තැනක සඟවා අක්කා දිය නා පැමිණ රන්මාලය සොයන විටදී රන් මාලය නැතිවී ඇති බවට සිය සහෝදරිය බිය ගන්වා ඇත.
එසේම විදෙස්ගතව සිටින සිය අම්මාටද දුරකතන ඇමතුමක් ලබා දී අක්කා රන් මාලය නැති කරගෙන බව පවසා ඇත. ඉන්පසුව මවද මිය ගිය දැරියට බැන වැදී තිබේ. ඉන් බියට හා සිත්තැවුලට පත් සහෝදරිය පසුව ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

