මෙවර ඉන්දීය මැතිවරණය ජයග්‍රහණය කළ භාරතීය ජනතා පක්ෂයේ අගමැති ධුර අපේක්ෂක නරේන්ද්‍ර මෝඩිගෙන් ඉන්දු - ශ්‍රී ලංකා ධීවර ගැටලුවට විසඳුමක් ලැබෙනු ඇති බවට තමිල්නාඩු ධීවර ප්‍රජාව විශ්වාසයෙන් පසුවෙති.
දෙරටේ ධීවර ගැටලුව විසදීම සඳහා ඉන්දියාවේදී හා ශ්‍රී ලංකාවේදී සාකච්ඡා වට දෙකක් පැවැති අතර, එම සාකච්ඡා වට දෙකම විසඳුමකින් තොරව අවසන් විය.
නව ඉන්දීය රජය තමිල්නාඩුවේ සහාය ඇතිව ධීවර ගැටලුව විසඳනු ඇතැයි තමිල්නාඩුවේ ධීවරයන්ගේ විශ්වාසයි.
“තමිල්නාඩුවට බැණ වදිමින් සිටි මධ්‍යම රජය ගියා. ධීවර ප්‍රජාව නව රජයෙන් නව විසඳුමක් බලාපොරොත්තුවෙන් ඉන්නේ” යැයි ධීවර නායකයන් වන යූ. අරුලානදන්, පී. සේසු රාජා, එන්.ජේ. බෝස් පවසති.
‘ද හින්දු’ ඇසුරෙනි