ඉන්ධන සහනාධාරය නවතා දමා මාස 14 ක් ගතවී ඇතත්, මෙතෙක් එය නැවත ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කර නොමැති නිසා එයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ධීවර සමිති එක්ව අද (16දා) දිනයේදී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සමිතිය සඳහන් කරයි.
එසේම පැරණි මිලට භූමිතෙල් මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ඉල්ලා පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවර කාර්මිකයන් පන්දහසක පමණ පිරිසක් අද (16දා) මුහුදු යාමෙන් වැළකී සිට හලාවත කලපුවට රැස්වී විරෝධතාවක නියැළීමට තීරණය කර ඇති බව ද හලාවත ධීවර දිස්ත්‍රික්කයේ ඒකාබද්ධ ධීවර සංවිධානය පවසයි.
ඉන්දික හේවාවිතාරණ /හලාවත සුපුන් හංසන