ධීවර සංස්ථා සේවකයන්ගේ අර්ථ සාධක අරමුදලේ තැන්පත් කළ යුතු රුපියල් කෝටි 06 ක මුදල මසක් ඇතුළත ගෙවීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය සඳහන් කරයි.
අදාළ මුදල මහා භාණ්ඩාගාරයෙන් ලබාදීමට එකඟවී ඇති අතර, ධීවර සංස්ථාවේ පවතින මූල්‍ය අර්බුදය විසඳාගැනීම සඳහාත් මුදල් ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟ වී ඇතැයිද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මේ නිසා දේශපාලන අරමුණු ඉටු කරවා ගැනීම සඳහා යම් යම් පිරිස් සිදුකරන කුමන්ත්රණවලට හසු නොවන්නැයි අමාත්‍යවරයා සේවකයන්ගෙන් ඉල්ලා සිටියි.