ලබන අගෝස්තු 17 න් පසුව පත්වෙන රජය යටතේ මෙරට ධීවරයන්ගේ වෙළඳපොළ මීගමුව හලාවත හෝ කොළඹ නොව ජපානයේ ටෝකියෝ මැදපෙරදිග ඩුබායි හා එංගලන්තයේ ලන්ඩන් බවට පත්කරන වැඩ පිළිවෙලක් හදන බව අගමැති රනිල් වික්රමසිංහ මහතා ධිවර ජනතාවට පොරොන්දුවක් දෙමින් වෙන්නප්පුවේදි පැවසීය.
මේ තුළින් ධිවරයන්ගේ ජිවිත සුඛිත මුදිත කිරිමට හැකි බවත් කර්මාන්තයක් ලෙස ඉතා අඩම්බරයෙන් කල හැකි රැකියාවක් බවට එය පත් වන බවත් අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.
පුත්තලම් දිස්ත්රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිමට අද (29දා) සවස වෙන්නප්පුව කොළින්ජාඩියේදි පැවත ප්රචාරක රැළියකට සහභාගි වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.
නයිමඩම චන්දන ප්රනාන්දු