මන්නාරම, අරිප්පු ප්‍රදේශයට ඔබ්බෙන් වන මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයන් ලෙස ශ්‍රී ලංකාවට හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකක් ගෙන ආ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
ධීවර කටයුතුවල නිරත වන මුවාවෙන් සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සැකකරුවන් කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයට බාරදීමට නියමිතය.
මේ අනුව පසුගියදා අරිප්පු ප්‍රදේශයේදී නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමත්, සිලාවතුර නාවික හමුදා නිරීක්ෂණ ඒකක දෙකට පහරදීමත් අතර මෙය සම්බන්ධයක් ඇත්දැයි සැකයක් පවතින බවත් නාවක හමුදාව නිවේදනය කරයි.