කොළඹ මූල්‍ය නගර ව්‍යාපෘතිය සඳහා මීගමුව මුහුදු තීරයේ වැලි ඉවත් කිරීමට රජය කටයුතු කරන බව පවසා කොළඹ - හලාවත දුම්රිය මාර්ගය ගල්කන්ද දුම්රිය හරස් මාර්ගය අසළින් අවහිර කරමින් ධීවරයින් පිරිසක් විරෝධතාවයක නිරත වේ.
මීගමුව, දූව, පලගතුර, පල්ලියවත්ත ආදි ප්‍රදේශවල ධීවරයින් මෙම විරෝධතාවය සඳහා එක්ව සිටින අතර ඔවුන් පවසන්නේ මීගමුව මුහුදු තීරයේ කැණිම් සිදු කර වැලි ඉවත් කිරීම හේතුවෙන් මීගමුව මුහුදු තීරය අවට මත්ස්‍ය සම්පත විනාශ වීමේ අවදානමක් පවතින බවයි.
මෙම වැලි ඉවත් කිරීමේ කටයුතු නතර කරන ලෙසද විරෝධතාකරුවෝ ඉල්ලා සිටියි.