ජාත්‍යන්තර මුහුදේදී සිදුකරන සියලුම ධීවර කටයුතු යුරෝපා සංගමය විසින් හඳුන්වාදී තිබෙන ක්‍රමවේදවලට අනුව සිදුකරන ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
නීති උල්ලංඝනය කරමින් මත්ස්‍ය කර්මාන්තයේ නිරත වුවහොත් යුරෝපා සංගමයේ සාමාජික රටවලට මත්ස්‍ය අපනයනය කිරීම තහනම් වී යන බවත්, යම් ලෙසකින් යළිත් වතාවක් තහනමක් පැනවුවහොත් කිසිදු දිනක තහනම ඉවත් කරගැනීමට නොහැකි වන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
යළිත් වතාවක් යුරෝපා සංගමය මත්ස්‍ය තහනමක් පැනවුවහොත් ඇමෙරිකා එක්සත් ජනපදයට සහා ජපානයට මත්ස්‍ය අපනයන කිරීමද අහිමි වී යන බවත් ඔහු සඳහන් කළේය.
යුරෝපා සංගමයේ සාමාජික රටවලට මත්ස්‍ය අපයනය කිරීම මාස 18 කට පෙර තහනම් වූ අතර, වර්තමාන ආණ්ඩුවේ මැදිහත් වීම මත එම තහනම ඉවත් කරගනු ලැබිණි.
තහනම ඉවත් කිරීමෙන් පසු අද (22දා) දින මත්ස්‍ය කිලෝග්‍රෑම් 2600ක් නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් නගරය වෙත අපනයන කළේය.