මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍ර‘දේශ අද (14දා) සහ හෙට (15දා) රළු විය හැකි නිසා ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියි.
මෙම ප්‍ර‘දේශවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 70 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මීට අමතරව අද සවස 4 න් පසු නැගෙනහිර, ඌව පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, මෙම වැසි ඇතිවන විට එම ප්‍ර‘දේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.