ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින ධීවර ගැටලුව විසඳිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ඉන්දීය සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා ඊයේ (18දා) ගුරුවායුර් දේවාලයේ ආගමික වතාවත් සඳහා එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් මෙම අදහස් දක්වා තිබේ.
ඉන්දීය ධීවරයින්, ශ්‍රී ලංකා ධීවරයින් හා දෙමළ ධීවරයින් ලෙස වෙන් වෙන්වූ පාර්ශ්ව නොමැති බවත් සියලු ධීවරයින්ට එකසේ සැලකිය යුතු බවත් අග්‍රමාත්‍යවරයා පෙන්වාදී තිබේ.