ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ධීවර ගැටලුව විසඳා ගැනීමට ඉන්දු - ශ්‍රී ලංකා නියෝජිතයන්ගේ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටුවක් ස්ථාපති කිරීමට හා එම කමිටුව මාස තුනකට වරක් හමුවී සාකච්ඡා කිරීමට ඉන්දියාව හා ශ්‍රී ලංකාව තීරණය කර තිබේ.
ධීවර ගැටලුව විසඳීම සඳහා ඉන්දියානු හා ශ්‍රි ලංකා ඉහළ පෙළේ අමාත්‍යවරුන් අතර පැවැති සාකච්ඡාවලින් පසුව මෙම තීරණ ගෙන තිබේ. එසේම අමාත්‍යවරුන්න් හා ධීවර නියෝජිතයන් මාස 6ට වරක් හමුවූ සාකච්ඡා කිරීමටත් තීරණය කර තිබේ.
එහි පළමු අමාත්‍ය මට්ටමේ හමුව 2017 වසරේ ජනවාරි මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඉන්දියාවේ පැවැති සාකච්ඡාවලින් පසුව තීරණය කර තිබේ.
ධීවර ගැටලුව විසඳා ගැනීම සඳහා දෙරටේ වෙරළාරක්ෂක බළකා අතර දුරකථන අංකයක් ස්ථාපිත කිරීමට මෙන්ම දැනට දෙරටේ අත්අඩංගුවේ පසුවන ධීවරයන් නිදහස් කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමටත් මෙම සාකච්ඡාවලදී අවධානය යොමුව තිබේ.