නිවැරදි ප්‍රතිපත්තියක් යටතේ ඉදිරි පස් වසර තුළ ධීවර කර්මාන්තය මෙහෙයවා නව ආදායම් උත්පාදනය කළ හැකි ලෙස අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
ඒ සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පැවසුවේ සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සමූපකාර සමිතියේ 39 වැනි වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමිනි.
දිනෙන් දින අභාවයට යමින් පවතින මාදැල් කර්මාන්තය රැකගෙන පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා බව එහිදී සඳහන් කළ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා,
“රටේ සෑම ක්ෂේත්රයක්ම දියුණු වෙමින් ඉදිරියට යද්දී ධීවර කර්මාන්තය මෙරට ආරම්භවූ මාදැල් කර්මාන්තය අභාවයට යමින් තියෙනවා. මාදැල් කර්මාන්තය ලංකාවේ ආරම්භ වෙලා දැන් වසර 150කට වැඩියි. එදා රටේ මාළු ඉල්ලුමෙන් සියයට තිහක් සැපයුවේ මාදැල් හිමියන්. කවුරු මොනවා කිවුවත් රසයෙන්, ගුණයෙන් යුත් මාළු ලබාදෙන්නේ මාදැල්කරුවන්. ඒ නිසා මේ මාදැල් කර්මාන්තය අපි දියුණු කළ යුතුයි.මාදැල් කියන්නේ අභාවයට යා නොදිය යුතු කර්මාන්තයක්. මේ කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් මම යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා” යැයිද කීය.