කොළඹ මූල්‍ය නගරය ඉදිකිරීමේදී ධීවර අස්වැන්න පෙරට සාපේක්ෂව අඩුවක් සිදුවී ඇත්නම් ඒ සඳහා වන විධිමත් අධ්‍යයනයකින් පසුව මත්ස්‍ය ආදායමේ අඩුවට සරිලන මූල්‍ය ප්‍රදානයක් පිරිනැමීමට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා උපදෙස්දී ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඉන් අනතුරුවද ගැටලුව එසේම පසුවන්නේ නම් එය විසඳීම සඳහා ධීවර ප්‍රජාව නියෝජනය කරමින් නියෝජිතයන් 05 දෙනෙකු සහ අමාත්‍යාංශය සහ ව්‍යාපෘති කණ්ඩායම නියෝජනය කරමින් නියෝජිතයන් 05 දෙනෙකුගෙන් සැදුම්ලත් 10 දෙනෙකුගේ කණ්ඩායමක් පත්කර තිබේ.