සම්බුද්ධ ශාසනයේ වැඩි දියුණුව සඳහා ධර්මහම සංඝායනාවක් පැවැත්වීමට මූලික කටයුතු ලබන වසර ආරම්භයත් සමග සංවිධානය කිරීමට රජය අපෙක්ෂා කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මහානායක හිමිවරුන් ප්රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනා හා මගපෙන්වීම යටතේ රය සිදුන බවත් දේවාලගම් පනත හා කතිකාවත් පනත සම්බන්ධයෙන්ද ස්වාමීන්වහන්සේලාගේ අදහස් හා යෝජනා ලබාගනිමින් මූලික කටයුතු සිදුකරමින් පවතින බවත් ජනපතිවරයා පැවැසීය.
ඊයේ (21දා) පස්වරුවේ හරුමල්ගොඩ බටහිර ඛෙත්තාරාමයේ පැවැති උත්සවයකදී ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. බෞද්ධාගම වැඩිදියුණු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය සම්පත් ලබාදීමටත් රජය අඛණ්ඩව කැපව සිටින බවත් ඔහු පැවැසීය.