(UPDATE) දෙමටපිටිය, ධම්මිකගම ප්‍රදේශයේ පොල් වත්තක මියගොස් සිටි නාග රාජයෙකු පිළිබඳව 'අද' පුවතින් හෙළිකිරීමෙන් අනතුරුව එම සත්ත්වයා පිළිබඳව සොයාබැලීමට ජාතික කෞතුකාගාරයේ චර්ම අංශයේ නිලධාරීන් පිරිසක් ඊයේ (22දා) එම නාගයා වළ දැමූ ස්ථානයට පැමිණියහ.
පසු විපරමින් පසුව මෙතෙක් ලංකාවේ මේ ආකාරයේ විශාල නාග රාජයෙකු පිළිබඳව වාර්තා නොවුණු බවත්, දිගින් අඩි 13 ක් පමණ විය හැකි මෙම නාග රාජයාගේ සිරුර සංරක්ෂණය කර ජාතික කෞතුකාගාරයේ මහජන ප්‍රර්ශනය සඳහා අවශ්‍ය කටයුතු යොදන බවත් චර්ම නිලධාරිනී චමල්කා කොතලාවල මහත්මිය පැවසුවාය.
මේ ආකාරයේ අතිදුර්ලභ සත්ත්වයන් මියගොස් සිටියදී ඒ සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් ජාතික කෞතුකාගාර නිලධාරීන්ව දැනුවත් කරන ලෙසද ඇය ඉල්ලා සිටියාය.
චන්දන ප්‍රනාන්දු - නයිනමඩම