සොරකම් කළ අලි පැටවෙකු බව දනිමින් එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට නීතිපතිවරයා විසින් පවරා ඇති අධිචෝදනා පත්රය උඩුවේ ධම්මාලෝක හිමියන්ට අද (20දා) කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා බාර දුන්නේය.
ඒ අනුව උන්වහන්සේට නියම කොට තිබූ රුපියල් ලක්ෂ 180ක් වටිනා ශරීර ඇපවලට අමතරව තවත් රුපියල් ලක්ෂ 200ක් වටිනා ශරීර ඇප මත උන්වහන්සේ මුදාහැරීමටත් නියම කළේය. උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදේශගත වීම තහනම් කොට උන්වහන්සේගේ විදේශ ගමන් බලපත්රය අධිකරණයට බාරදීමට නියම කළ විනිසුරුවරයා, ධම්මාලෝක හිමියන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමටද නියම කළේය.
නඩුව නැවතත් ලබන අගෝස්තු මස 02 සහ 03 වැනිදා විභාග කිරීමටද නියම කළේය.