මීට පෙර නොකඩවා වසර හතරක් ලොව අංක එකේ ධනවතා ලෙස කිරුළු පැළඳි මෙක්සිකෝවේ කාර්ලෝස් ස්ලිම් හේලු දෙවැනි තැනට ඇද දමමින් 2014 වසරේ ලොව අංක එකේ ධනවතා බවට පත්වීමට මයික්‍රොසොෆ්ට් හි බිල් ගේට්ස් සමත්ව ඇති බව ෆෝබ්ස් සඟරාවේ 2014 බිලියනපතියන් පිළිබඳ නවතම වාර්තාව සඳහන් කරයි.
ෆෝබ්ස් සඟරාවට අනුව බිල් ගේට්ස්ගේ වත්කම් පසුගිය වසරේදී ඇ.ඩො.බිලියන 9කින් වැඩිවී ඇති අතර, 2014 මාර්තු වන විට ඔහුගේ දළ වත්කම්වල වටිනාකම ඇ.ඩො.බිලියන 76ක් ලෙස දැක්වෙයි.
පසුගිය වසර හතර තුළ ප්‍රථම ස්ථානය නොලැබුවත්, ගෙවීගිය දශක දෙකක කාලය බැලීමේදී බිල් ගේට්ස් ලොව ධනවත් ලැයිස්තුවේ අංක 01 ලබාගත් අවස්ථා 15ක් පැවති බවද ෆෝබ්ස් සඟරාව පවසයි.
බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ සම සභාපතිවරයා ලෙස කටයුතු කරන බිල් ගේට්ස් මේ වනවිට 58 වැනි වියෙහි පසුවන අතර, ස්වෝත්සාහයෙන් නැගී සිටි මේ අපූර්ව ව්‍යවසායකයා දරුවන් තිදෙනෙකුගේ ආදරණීය පියෙකු බවද කියැවෙයි.