දොං නම් දොං- සිමං නම් සිමං- දොං සිමං දෙකක් බෑ
වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ දේශපාලන සිරකරුවන් නොමැති බවත්, සිරකරුවන් වී ඇත්තේ ත්රස්තවාදීන් පමණක් බවත් ‘පිවිතුරු හෙළ උරුමයේ’ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිළ මහතා පැවසීය.
හෙතෙම මෙම අදහස් පළකළේ අද (16දා) පිවිතුරු හෙළ උරුමය මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ උදය ගම්මන්පිළ මහතා,
“ජනපතිතුමන් යාපනයේ සංචාරය කරනවිට ශිවාජිලිංගම් මන්ත්‍රීතුමා ඇතුළු පිරිසක් දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියලා උද්ඝෝෂණයක් කළා. ශ්‍රී ලංකාවේ දේශපාලන සිරකරුවන් කිසිවෙකු නෑ කියා අපි ඉතාම වගකීමෙන් කියනවා.
දේශපාලන සිරකරුවන් කියන්නේ තමන් දරන දේශපාලන මතය නිසා සිරකර තබා සිටින අය. 1988 දී ජවිපෙ කොමියුනිස්ට්ස් පක්ෂය, නව සම සමාජ පක්ෂය තහනම් කරලා නායකයින් සිර කළාම අන්න දේශපාලන සිරකරුවන්.
අද සිරගත කර ඉන්නේ ත්රස්තවාදීන් මිස දේශපාලන සිරකරුවන් නොවේ. මේ ත්රස්තවාදීන් සිර කරලා ඉන්නෙත් ත්‍රස්තවාදී සංවිධායක සාමාජිකයන් නිසා නොවේ. මේ දෙකෙන් එකක් සිදුවෙන්න ඕන. එක්කෝ සියල්ලටම දඬුවම් කරන්න ඕනෑ. නැතිනම් සියල්ලටම සමාව දෙන්න ඕන. දොං නම් දොං, සිමං නම් සිමං, දොං සිමං දෙකක් බෑ” යනුවෙන් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


