යුද්ධයේදී යුද අපරාධ සිදුකළ බවට පිළිගත හැකි සාක්ධි අත්නම් ඒ පිළිබඳව පරීක්ෂණයක්සිදු කළ යුතු බවත් වරදක් සිදු වී ඇති බවට ඔප්පු වී තිබේනම් නීතිය අනුව ඔවුන්ට දඩුවම් ලබාදිය යුතු බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අවසාන යුද්ධයේදී ශ්රී ලංකා යුද හමුදාවේ හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළේ සරත් ෆොන්සේකා මහතායි.
ඉන්දියාවේ හින්දු පුවත්පත හා සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ දේශීය පරීක්ෂණයකට තමන් සූදානම් බවයි.