සම්මත වූ නව දේශීය ආදායම් බදු පනතින් නිදහස්වී තිබෙන්නේ සතා සිවුපාවුන් පමණක් බව ජාතික භික්ෂු පෙරමුණ සඳහන් කරයි.
මේ නිසා නව දේශීය ආදායම් පනත පරාජයට පත්කිරීම සඳහා ජනතාව පෙළ ගස්වන බව එම සංවිධානයේ සභාපති පූජ්‍ය හඳුගල රතනපාල හිමියෝ අවධාරණය කළහ.
මෙම බදුපනත තුළින් පන්සල, පල්ලිය, කෝවිල හා එදාවේල සොයා ගැනීමට කුලියක් මලියක් කරන ජනතාව මතත් අධික බදු බරක් පටවා තිබෙන බවද උන්වහන්සේ පවසා සිටියහ.
යටත් විජිත සමයේදීවත් මෙවැනි බදු පැනවීමට යෝජනා නොකළ බවත්, මේ නිසා මෙම බදුපනත පරාජය කිරීමට පාර්ලිමේන්තු නියෝජිතයන් කටයුතු කළ යුතු බවද අද (11දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියහ.
මීට අමතරව භික්ෂු පෙරමුණ ලෙස මෙම පනත සම්මත වීම වැළැක්වීම සඳහා ජනතාව පෙළගස්වන බවද අවධාරණ්‍ය කළහ.