නව දේශීය ආදායම් පනත තෙවැනි වර කියැවීම වැඩි ඡන්ද 65කින් පාර්ලිමේන්තුවේදි සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 90ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 25ක් ලැබුණි.
පනත සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නැංවෙන්නේ 2018/04/01 දා සිට බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය.