සමස්ත ජනතාවම බරපතළ අර්බුදයකට ඇද දමන නව දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුව තුළ සම්මත කළද, ජනතා බලවේගයකින් එය පරාජයට පත්කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ගෙන ඒමට නියමිත බදු පනත තුළින් දුප්පතාගේ කරමත බදු පැටවීමට අමතරව ආගමික ස්ථානවලට බදු පැනවෙන බවද එම පක්ෂයේ මධ්‍යම කාරක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේය.
නව බදු පනත හකුළා ගන්නා ලෙස අද (29දා) අත්පත්‍රිකා ලක්ෂ 10ක් බෙදාහැරීමේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ සිටින ලයිට් කණු උපයෝගී කරගෙන බදු පනත සම්මත කිරීමට ආණ්ඩුව කටයුතු කළද, එය රට තුළ ක්‍රියාත්මක කිරීම හීනයක් බවද හෙතෙම පවසා සිටියේය.