(VIDEO) මෛත්රී හා මහින්ද එක්වුවහොත් තමන් දේශපාලනයෙන් ඉවත්වන බවට ඌව පළාත් මහ ඇමති හරීන් ප්රනාන්දු මහතා පසුගියදා කරනු ලැබූ ප්රකාශය සම්බන්ධයෙන් ඔහු පැහැදිලි කිරීමක් කරමින් සඳහන් කළේ දේශපාලනයෙන් සමුගන්නවාද නැත්ද යන්න තීරණය කරන්නේ මේ මැතිවරණයෙන් පසුව බවයි. තමන් මැතිවරණයට තරග කරන බවත් ඔහු පැවැසීය.
අද (12දා) බදුල්ලේ පැවැති මාධ්ය හමුවකදී ඔහු මෙම අදහස් දැක්වීය.
"මම මැතිවරණයට තරග කරනවා. මම වැනි එක් පුද්ගලයෙක් නැගිටලා ගියා කියලා මේ ක්රමය සුද්ධ වෙන්නේ නෑ. පිස්සෝ කලබල වුණාට දොස්තර කළබල නෑ කියලයි කියන්න ඕන. ලොකු පිරිසකට මා දේශපාලනයෙන් සමුගන්නවද නැත්ද කියලා බොහෝ දෙනෙකුට බලාගන්න ඕන වෙලා තියෙනවා. දේශපාලනයෙන් සමුගන්නවද නැත්ද කියලා තීරණය ගන්නේ මැතිවරණයෙන් පසුසේ. මම දේශපාලනයෙන් ඉවත්වුණොත් වාසිය හොර නඩේටමයි"