රන්න නගරය ආසන්නයේ සිනමාහලක් හා ඒ මුවාවෙන් මත්පැන් අලෙවිසැලක් ඉදිරියේදී විවෘත කිරීමට සැලසුම් කර ඇතැයි පවසමින් ඊට විරෝධය පා ප්රදේශයේ ජනතාව මෙන්ම පළාත් සභා හා ප්රාදේශීය සභා දේශපාලඥයන් පිරිසක් අද (18දා) පෙරවරුවේ රන්න නගරයේදී විරෝධතාවක නිරත වූහ.
විරෝධතාව පැයකට අධික කාලයක් පැවතුණ අතර, විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, මේ සඳහා ප්රබල අමාත්යවරයෙකුගේද සහයෝගයෙන් ඔහුගේ පාක්ෂිකයෙකු විසින් මෙම සිනමාහල හා මත්පැන් අලෙවිසැල විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි.