මෙරට දේශපාලනය සංස්කෘතිය වෙනස් කිරීමේ වැදගත්ම පියවර වන මැතිවරණ ක්රමයේ සංශෝධන බල දේශපාලනයේ ගොදුරක් බවට පත්වීම වළක්වා ගත යුතු බව කැෆේ සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසීය.
අද (25) කොළඹ පදනම් ආයතනයේදී පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය. රටට අවශ්‍යව ඇත්තේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් මිස බල දේශපාලනය පවත්වා ගෙන යාම නොවන අතර මෙම මැතිවරණ වෙනස සඳහා සිවිල් සංවිධාන සමාජ ක්රියාකාරිකයන් සහ වෘත්තිකයන්ට පෙරමුණ ගැනීමට සිදුව ඇත්තේ මෙවැනි පසුබිමක සිට බව ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.