පෞද්ගලික මූල්‍ය සමාගමක් කඩාවැටීම වළක්වා ගැනීම සඳහා අදාළ මූල්‍ය සමාගමට රුපියල් කෝටි 100 ක ණය මුඳලක් ලබාදෙන්නැයි ඉහළ පෙළේ දේශපාලනඥයකු රජයේ ප්‍රධාන පෙළේ බැංකුවකට කළ නියෝගයක් එම බැංකුවේ ප්‍රධානීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි වාර්තා වේ.
අදාළ පෞද්ගලික මූල්‍ය සමාගම මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලනය යටතට ගෙන ඇතැයිද රජයේ මාර්ග කියයි. එම ආයතනය පවත්වාගෙන යාම සඳහා රුපියල් කෝටි 100 ක ණය මුදලක් අදාළ සමාගමට ලබා දෙන්නැයි ඉහළ පෙළේ දේශපාලනඥයකු රජයේ ප්‍රධාන පෙළේ බැංකුවක ප්‍රධානීන් කැඳවා දැනුම් දී ඇති බවත් එම ඉල්ලීම ඉටු කළ නොහැකි බව එහි ප්‍රධානීන් ඔහුට දන්වා ඇති බවත් එම ආරංචි මාර්ගවලින් පැහැදිලි වේ.
අජන්ත කුමාර අඟලකඩ (ඉරිදා ලංකාදීප ඇසුරෙනි)