(UPDATE) කවුරු මොනවා කිවත් 2020 වන තෙක් වත්මන් ආණ්ඩුව වෙනස් කළ නොහැකි බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවෙය.
හෙට දවස ගැන දේශපාලන න්‍යාය පත්‍රයක් නැති බවත්, තිබෙන්නේ රටේ හෙට දවස පිළිබඳව න්‍යාය පත්‍රයක් බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා
පැවැසීය. ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන දේශපාලන සංවාදයකට එක්වෙමින් ඔහු මේ බව අද (21දා) පැවැසීය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා වී අදට වසරක් පිරිම නිමෙත්තෙන් මෙම වැඩසටහන පැවැත්වේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග, පාඨලී චමිපික රණවක, දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාෆා, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.
විධායක ජනපති ධුරය අහෝසිකරන බවත්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය බරපතල වැරැද්දක් බවත් ඔහු කීවේය.
එසේම ජනපති ලේකම් කාර්යාලයේ වියදම මසකට රුපියල් මිලියන 100ක් ඉතිරි කළ බවත්, කාර්ය මණ්ඩලය 1600 සිට 600 දක්වා අඩුකර බවත්, වාහන සංඛ්‍යාව 75%කින් අඩුකළ බවත් ඔහු පැවැසීය.