ප්‍රබල දේශපාලඥයෙකුට අයත් හෝකන්දර පිහිටි නිවසක් තුළ තිබී පොලීසිය විසින් මළ සිරුරක් සොයාගෙන තිබෙන බව වාර්තා වේ.
මළ සිරුර කොළඹ ජාතික රෝහලට රැගෙනවිත් තිබෙන අතර, මියගොස් තිබෙන්නේ 24 හැවිරිදි ළහිරු ජනිත් නැමැත්තෙකි.
මියගිය තරුණයා දේශපාලඥයාට ඥාති සම්බන්ධතාවක් තිබෙන බවද වාර්තා වේ. පසුගිය ආණ්ඩු සමයේදී මෙම දේශපාලඥයා අමාත්‍ය ධුරයක්ද දැරූ අතර, දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරයි.
මෙම දේශපාලඥයා නව පක්ෂයක් සකස් කිරීමේ කටයුත්තට උරදී සිටින්නෙකි.