කැබිනට් අමාත්‍ය ධුරය, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පිළිබඳව නොසිතා දිවංගත ගාමිණී දිසානායක මහතා එදා රට ගැන සිතා නිර්භීත තීන්දු තීරණ ගත් බවත්, අද දේශපාලඥයන් තමන් පිළිබඳව සිතා රට අමතක කරන බැවින් එලෙස නිර්භීත තීරණ නොගන්නා බවත් රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
කෙසේ වෙතත් ඉදිරියේදී නිර්භීත තීන්දු තීරණ ගන්නා දේශපාලඥයන් රැසක් බිහිවෙතැයි තමා අපේක්ෂා කරන බවත් දිසානායක මහතා පැවසීය.
ඔහු එසේ පැවසුවේ විහාර මහා දේවි උද්‍යානයේ පැවති දිවංගත ගාමිණී දිසානායක මහතාගේ 20 වැනි ගුණ සමරුවට එක්වෙමිනි.