දේශපාලඥයන් බලය අත්තනෝමතිකව භාවිතා කරමින් රට තුළ ජන සංයුතික සිතියම වෙනස්කරමින් සිටින බවත්, මුස්ලිම් අන්තවාදීන් රට පුරා දැවැන්ත ඉඩම් මංකොල්ලයක යෙදී සිටින බවත් බොදුබල සේනාව පවසයි.
මේ වනවිට උතුරේ පාරම්පරික දෙමළ ජනතාවගේ ඉඩම් මුස්ලිම් අන්තවාදීන් විසින් බලහත්කාරයෙන් ලබාගැනීමට කටයුතු කරන බව පැවසූ බොදුබල සේනා සංවිධානය, මීට එරෙහිව කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීම බවද ප්‍රකාශ කළේය.
අද (27දා) පැවැති මාධ්‍ය හමුවකදී බොදුබල සේනා සංවිධානයේ ප්‍රධානීහු මේ පිළිබඳව හෙළිදරව් කළහ.